සීතල ගුණයෙන් පිරි කොහිල

කොහිල අර්ශස් රෝගයට දිව්‍ය ඖෂධයකි. සීතල ගුණයෙන් පිරි කොහිල වෙනත් සීතල ගුණ ඇති එලවළු මෙන් නොව, පීනස, ඇඳුම, කැස්ස වැනි සෙම ප‍්‍රබල රෝගවලට ද අගුණ නො වේ.
කොහිල යන නම සඳහන් වන විට ම මතක් වනුයේ අර්ශස් රෝගය යි. එපමණට මේ එලවළු පොදු ජනයාට පුරුදු ය. අර්ශස් රෝගයේදී ලේ යන විට බේතක් වශයෙන් නොයෙක් අයුරින් කොහිල අල යෙදීම පොදු ජනයාට එපමණට ම පුරුමදු ය.
සීත ජලයේ වැඩෙන කොහිල අල මෙන් ම දලු ද සීත ගුණ යුක්ත යි. සීතල ගුණ යුත් බොහෝ එලවළු වර්ග සෙම් පීඩා ඇති විට අගුණ වුව ද ඒ අගුණය කොහිල අලවල හෝ කොහිල දලුවල නො වේ. එයට ප‍්‍රධාන හේතුව කොහිල අලයේ අනෙක් අල වර්ගවල මෙන් පිටි බහුල නොවීම යි.
සෙම් ප‍්‍රබල රෝග වන ඇඳුම, කැස්ස, පීනස වැනි රෝග ඇති විට වුව ද කොහිල එලවළු කෑමෙන් කිසිම අගුණයක් ඇති නො වේ. සීත ගුණය සහ කොසු ගතිය පවතින නිසා අර්ශස් ලේ යන කවර අවස්ථාවක දී වුව ද එලවළුවක් ලෙස තනා හෝ බේත් කැඳක් ලෙස හෝ කොහිල යෙදිය හැකි ය.
පිත් නසන ගුණය ඇති නිසා පිත් ප‍්‍රබල රෝගයකට යෙදිය හැකි යි. කොහිල අලවල ගුණයට වඩා වෙනස් ගුණයක් කොහිල දලුවල පවතී. එසේ වන්නේ කොලවල පවත්නා විශේෂ ධාතු වර්ග කීපය අතර කොලවල යකඩ ධාතුව ඉතා සුළු ප‍්‍රමාණයක් හා අලයේ යකඩ ධාතුව වැඩිපුර පවතින නිසාය. යකඩ ධාතුව පැවතීම ලේ නතර කිරීමට විශේෂයෙන් ඉවහල් වන අතර ලේ වල ශක්තිය ඇති කිරීමට ද උපකාර වේ.
බොහෝ රෝගයනට මුල් වන එක් ප‍්‍රධාන කරුණක් නම් මළ බද්ධය යි. මළ බද්ධය ඇති නමට මුල්වන කරුණු කීපය අතරින් සෑහෙන ප‍්‍රමාණක් වතුර නොබීම එකකි. ගන්නා ආහාරයේ රොඩු කොටස් හිග වීම තවත් එකකි. එලවළු හා පිටි වර්ග අඩුවෙන් කන, මස් බහුලව කන අයට මළ බද්ධ ගතිය වැඩිපුර පවතින්නේ මස් ආහාරයේ වැඩි කොටසක් මදිරවා රොඩු කොටස් ඉතිරි නොවන නිසා ය. රොඩු කොටස් අඩු වන විට බඩවැල පලල්ව පිම්බී නොඑයි. එසේ ම වතුර ගතිය රදන්නේ ද ඉතා අඩුවෙනි. එහෙත් රොඩු කොටස් වැඩි වන විට ඒවා මුළුමනින් ම දිරවන්නට කලින් බඩවැල දිගේ ක‍්‍රමයෙන් පහලට යෑම ඉක්මන් ය.
ඒ සමග ම ඒවාට වතුර ගතිය ද සෑහෙන ප‍්‍රමාණයක් උරා ගනී. මේ කරුණු දෙක නිසා බඩවැල ඇතුළත තෙරපීම වැඩි ය. එයින් මළ පිටවීම පහසු වන අතර මළ බද්ධය ඇති නොවේ. මේ ගුණය අර්ශස් රෝගියාට ඉතා හිතකර ය.
අර්ශස් රෝගයේදී මළ බද්ධය ඇතැම් අයට පළමුකොට ඇති වී පසුව කල් යෑමේ දී ලේ යන්නට පටන් ගනී. ලේ ගලන්නේ අර්ශස් ගෙඩි නමින් දන්නා ලේ නල පිම්බුම් තුවාල වීමෙනි. මළබද්ධයේ දී පිටවන වියලි මළවලට ලේ නල පිම්බුම් තුවාල වේ. එවිට ලේ ගලයි. මෙබඳු අවස්ථාවන්හි දී කොහිල එලවළුවට වඩා ගුණ දෙනුයේ කොහිල අල කැඳ ය. කොහිල අලයේ ඇති පිටි ගතිය, කැඳට යොදන හාලේ පිටි ගතිය හා කිරිවල සිනිඳු ගතිය යන කරුණු නිසා පහසුවෙන් මළ පිට වේ. එවිට බඩවැලේ පහත කොටසේ ලේ නලවල පැවති තෙරපීම අඩු වේ. ඒ නිසා ලේ ගැලීම වලකී.
කොහිලවල ගුණය ඇත්තේ අර්ශස් රෝගයේ දී පමණක් නොවේ. මුත‍්‍ර දැවිල්ල ඇතුළු ප‍්‍රමේහ රෝග කීපයකට ද ඒවා ගුණ දායක ය. සාමාන්‍යයෙන් පිටි බහුල අල වර්ග දියවැඩියා රෝගයේ දී යෙදීම තහනම් කෙරේ. එහෙත් දියවැඩියා රෝගීනට කොහිල අලත්, කොහිල දළුත් එලවළුවක් වශයෙන් ගැනීම සුදුසු ය.
පිත් බහුල බව නිසා ඇතැම් අයගේ බෙඩේ දැවිල්ල හට ගනී. නිතර නිතර උගුර දදා ඉහළට එන පීඩා ඇතිවිට ද කොහිල අල මෙන් ම දළු ද ගුණ යි. යම් යම් හේතු නිසා අජීර්ණ ආබාධ හටගෙන සුව වූ පසු ගන්නා පළමු ආහාරයේ චදී කොහිල අල එලවළු සමග කෑම දීමෙන් ගුණය වඩා ලැබේ.
ස්තී‍්‍රන්ගේ මහලේ රෝගයේ දී සෑහෙන තරමක් ලේ පිට වේ. මෙය ශරීර සෞඛ්‍යයට අහතිකර ය. එබඳු අවස්ථාවල දී ද කොහිල අල කැඳ මෙන් ම ව්‍යංජනය ද ගුණදායක ය. ලොකු ලෙඩක් නුවූවත් ඇඟ උණුකරවා යාම නමින් කතුන් අතර හැඳින්වෙන පීඩාවට ද කොහිල අල හොඳ එලවළුවකි.
අධර්ශස් රෝගයේ දී ලේ යන විට හා ගුද මග දැවිල්ල ඇති විට, කොහිල අල කොටාගත් යුෂ කැඳට දමා ඊට පොල් කිරි හෝ එලඟිතෙල් ද, රතුළුෑනු ගෙඩි කීපයක් ද දමා තනා ගත් බෙහෙත් කැඳ බීම ඉක්මන් සුවය ලබා දීමට උදව් වේ. ලේ ගලන තුවාල සිදුවූ විට අමු කොහිල අල පිරිසිදුව තලා තුවාලයේ තබා බැඳීමෙන් ඉක්මණින් සුව වේ. ගුණය මිසක් අගුණයක් නොවන හොඳ කෑමකි කොහිල අල හා කොහිල දළු
First

නිවැරැදිව බහිරව පූජාවක් තබන අයුරු පුරාණයේ මෙන්ම වර්තමානයේද නිවසක් තැනීමට පෙර එම ඉඩමේ වස් දොස් ඉවත් කර ආරක්‍ෂා කිරීම සිරිතයි. අපගේ පියවි...