නිවැරැදිව බහිරව පූජාවක් තබන අයුරු

පුරාණයේ මෙන්ම වර්තමානයේද නිවසක් තැනීමට පෙර එම ඉඩමේ වස් දොස් ඉවත් කර ආරක්‍ෂා කිරීම සිරිතයි. අපගේ පියවි ඇසට නොපෙනෙන වායෝ හා ආකාශ භූතයන්ගෙන් සැදුම්ලත් දේව, පේ‍්‍රත, බහිරව, පිශාච, කුම්භාණ්ඩ ආදී ආත්ම අප වෙසෙන පරිසරය තුළ සැරිසරයි. මෙම ආත්මවලට අතීතයට මෙන්ම අනාගතයටද වේගයෙන් යා හැක. 

ඉහත සඳහන් කළ ආත්ම අතරින්පො ළව සම්බන්ධ කර, එනම් පොළොව අරක්ගෙන වසන ආත්මයන් බහිරවයන්වේ . මොවුන් පාලූවට ගිය ඉඩම්, මනුෂ්‍යයන් විසින් අත්හැර ගිය ඉඩම්, ඇල දොළ, කඳු මුඩු බිම් ආශි‍්‍රතව වාසය කරයි. බහිරවයන් පොළවට මහත්සේ ඇලූම් කරයි. ප‍්‍රබල බහිරවයන් අරක්ගත්භූ මි බහිරව පාද නමින් වාස්තු විද්‍යාවේ හඳුන්වයි. මෙම බහිරවයන් පොළවේ තිබෙන රන්, රිදී, මුතු, මැණික්, භූගත ජලය ආදියට මහත්සේ ඇලූම් කරයි. මොවුන් එම වස්තූන් සඳහා අවුරුදු දසදහස් ගණනින් ඇල්ම බැල්ම හෙලයි. 

බහිරවයන් ගත් කල කෲර බහිරවයන්හා  සෞම්‍ය බහිරවයන් ලෙස කොට්ඨාස දෙකකි. මොවුන් භූමිය තුළ නිවසක්සෑ දීමට යෑමේදී ගෘහ මූලිකයා ලෙඩ කිරීම, ආදායම් මාර්ග අවහිර කිරීම, හදිසි අනතුරුවලට ලක්කිරීම, මරණයට පත් කිරීම ආදිය සිදුකිරීම සිරිතයි. මේවා බොහෝ විට සිදු කරනුයේ සෞම්‍ය බහිරවයන් නොව කෲර බහිරවයන්ය. සෞම්‍ය බහිරවයන් මිනිසුන්ට එතරම් කරදර නොකරයි. නමුත් එවැනි භූමිවල සිටින්නන්ට දියුණුව අඩු වේ. මන්ද සෑම බහිරවයෙක්ම මිනිසුන් සමඟ වෛරයෙන් පසුවන බැවිනි. එනිසා නිවසක් තැනීමට පෙර එම ඉඩමේ සිටින බහිරවයන් පලවා හැරිය යුතුයි. ඒ සඳහා බහිරව පූජාවක් තැබිය යුතුයි. 

බහිරව පූජාව තබන ආකාරය ප‍්‍රදේශ වශයෙන් වෙනස් වේ. නමුත් වයඹ පළාතේ බහිරව පූජාව තබන ආකාරය වඩා නිවැරදි බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. බහිරව පූජාව පුර පක්‍ෂයේ බදාදා හෝ සෙනසුරාදා දිනක රාති‍්‍ර 8.30 ත් 9.36 ත් අතර කාලය තුළ පවත්වයි. එම වේලාව බහිරව දිෂ්ඨි වැටෙන කාලය ලෙස පිළිගැනේ. කෙසේ වෙතත්බ හිරව පූජාවේදී පහන් දැල්විය යුතු සුදුසුම වේලාව ලෙස පිළිගැනෙනුයේ ද ඉහත වේලාවයි. බහිරව පූජාව අවස්ථා දෙකකදී තබනු ලබයි. එනම් නිවසක් සෑදීමට අදහස්ක රන හිස් භූමියේ හෝ නිවසක් සාදා ඇති භූමියේය. මෙයින් වඩාත් උචිත වන්නේ නිවස සෑදීමට පෙර බහිරව පූජාව තැබීමයි. බහිරව පූජාව නියමිත වේලාවට නියමිත ආකාරයට බහිරවයන්උ දෙසා කැප කළ යුතුයි. 

නොඑසේ නම් එම පූජාවන් වෙනත් යක්‍ෂයන්, පේ‍්‍රතයන් විසින් බාරගෙන ඉඩම හිමි තැනැත්තාට, ඔහුගේ පවුලේ උදවියට නොයෙකුත් කරදර ලෙඩ දුක් පමුණුවයි. දැන් අප බහිරව පූජාවට අවශ්‍ය ද්‍රව්‍ය හා බහිරව පූජාව තබන ආකාරය ගැන අවධානය යොමු කරමු. බහිරව පූජාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පහත පරිදි වේ. නෙලූම් කොළ, උදු ගිතෙල් මිශ‍්‍රව පිළියෙල කරගත් සුදු කිරිබත්, කැවුම්, කෝලිකුට්ටු, කෙසෙල්, එළකිරි, පැන්, බුලත්, පඬුරු, පුවක්, නෙලූම් මල්, ගංජා, අබිං, සුවඳ දුම්, හඳුන්කූරු, සාම්බ‍්‍රානි, කපුරු, විලක්කු, මල්, පහන් පැල සෑදීමට අවශ්‍ය ලී දඬු, ගොක් කොළ, ලනු, සුදු නූල්, මැටි පහන්, පහන් තිර, පොල්තෙල්, ඉඩම ආරක්‍ෂා කිරීමට ගිනි පිරිතෙන් හෝ ගිනි පේසු මාලාවෙන් 1000 වාරයක් ජීවම් කළ යන්ත‍්‍ර, ගල්කැ ට, වැලි, ගොම අලූ කිලෝ 10 පමණ, කහ දියර, කහ කුඩු, සුදු හාල් පිටි, වට්ටියක්, කෙසෙල් කොළ, මාලිමාවක්, සුදු රෙදි කැබැල්ලක්, රතු රෙදි කැබැල්ලක්, තැඹිලි, පලතුරු. බහිරව පූජාවට අවශ්‍ය මෙම ද්‍රව්‍ය මුලින්ම සූදානම් කර ගත යුතුයි. ඇටඇටි, බිත්තර, ගොඩදිය මස්, හත්මාලූ, ලේ ගොටු, පුලූටු, ටේස් වර්ග, කඩල කිසිවිටකත් බහිරව පූජාව සඳහා යොදා ගත යුතු නොවේ. 

මේවා යක්‍ෂයන් වෙනුවෙන් තබන ද්‍රව්‍ය වේ. මේවා තැබීමෙන් භූමිය අයිති අයට නැති කරදර ඇතිවීම සිදුවේ. දැන් අප බහිරව පූජාව තබන ආකාරය සලකා බලමු. නිවස සෑදීමට තෝරාගත් හිස් බිමේ පළමුව හොඳින්හෙ ලි පෙහෙලි කර කුණු රොඩු පුළුස්සා පිරිසිදු කර ගත යුතුය. ඊට පසු ඉඩමේ දේව පාදය සොයා එම කොටසේ බහිරව පූජාව තැබිය යුතුයි. මෙහිදී මාලිමාවක් භාවිතා කර ඉඩමේ ඊසාන දිශාව හා අනෙකුත් දිශා ලකුණු කරගත යුතුය. තෝරාගත් ඊසාන දිශාවේ මල්පැ ල 2 ක් සෑදිය යුතුය. මෙම මල් පැල දෙකෙන් දකුණු පස මල් පැලය එම පළාතේ ගම්භාර දෙවියන් උදෙසාද අනෙක් මල් පැලය භූත කොටස්වලට අධිපති ඊශ්වර දෙවියන් උදෙසාද වෙන්ක ළ යුතුයි. ඉන්පසු ඉඩම වටේට සුදු නූලක් ඇද සීමාව සාදා ගත යුතුයි. සාදාගත් මල් පැල දෙකෙහි මල්, පහන්, සුවද දුම්, පලතුරු, කැවිලි ආදිය තැබිය යුතුයි. මෙසේ තැබූ ගම්බාර දෙවියන්ගේ පූජාව සුදු රෙද්දකින්ද, ඊශ්වර දෙවියන්ගේ පූජාව රතු රෙද්දකින්ද වසා තැබිය යුතුය. මෙසේ පූජාව සකස් කිරීම පිං පඬුරු තැබීම ලෙස හඳුන්වයි. 

ඉන්පසු මෙම මල් පැල දෙක සකස් කළ දේව පාදයට අයත්භූ මියේ ඉදිරිපිට හරි මැදට වන්නට අඩි 1 1/2 ක් පමණ ගැඹුරට වලක් හාරා ගත යුතුයි. ඉන්පසු අට දිශාවන්ට අට කොන යන්ත‍්‍රය ඇද ගැනීම සිදු කරයි. ඇතැම්ප‍්‍ රදේශවල යන්ත‍්‍රය වෙනුවට අට කොන පහන් පැලක් සාදා ගැනීම සිදු කරයි. අට කොන යන්ත‍්‍ර ඇදීමට පෙර එලහරක් ගොම කිලෝ 10 පමණ පුලූස්සා ලබාගත් අලූ එම යන්ත‍්‍රය අදින ස්ථානවලට ඉස කහ දියරද ඒ මතට ඉස පිරිසිදු කර ගත යුතුයි. අටකොන යන්ත‍්‍රය ඇදීමේදී එම රේඛා සුදු හාල්පි ටි වලින්ද දිශාවන්ට අනුරූප වටේ ඇති රවුම් කහ කුඩු වලින්ද ඇදගත යුතුයි. කපා ගත් අඩි 1 1/2 වළ වටවන පරිදි මෙම යන්ත‍්‍ර ඇද, වළද ගොම අලූ ගා කහ දියර ඉස පිරිසිදු කර ගත යුතුය. මෙයට අමතරව ගසකින් අඩි 3 ක්ප මණ උස ලී අට්ටාලයක් සාදා ගත යුතුය. 

අට කොන යන්ත‍්‍රයේ වටේ සකසාගත් රවුම් 8 අට දිශාවන්ට අයත්බ හිරවයන්ටද, මැද ඇති වළ පාතාල බහිරවයාටද, සකසා ගත් අට්ටාලය ආතාල බහිරවයාටද වෙන් කෙරේ. ඊසාන දිශාවේ සැකසූ මල්පැල දෙක අසලින් කෙසෙල් කොළයක් වට්ටියකට දමා ගත් පූජාව භූමි දෙවියන්ට තැබිය යුතුයි. ඉහත සඳහන් කළ අට කොන යන්ත‍්‍රය හා මල් පැල සකසා ගත යුතු ආකාරය රූපසටහනක් ආධාරයෙන්වි මසා බලමු. බහිරවයන් දස දෙනාට දෙන පූජාවට නෙලූම් කොළයක් මත තබා උදු ගිතෙල්මි ශ‍්‍රව පිසගත් සුදු කිරිබත්, කැවුම්, කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි, එළකිරි, පැන්, බුලත්, පඬුරු, පුවක්, නොලූම් මල්, ගංජා, අබිං, සුවද දුම්, කපුරු ආදිය තැබිය යුතුය. භූමි දෙවියන්ට තබන පූජාවට පහන්, මල්, සුවද දුම්, බුලත්, පඬුරු, විලක්කු ආදිය තබනු ලබයි.

මෙසේ පූජාව තබා දස දිශාධිපති බහිරවයන් දසදෙනාගේ සිත් සතුටු කර ඔවුන්ගෙන් ගත හැකි උදව් උපකාර වෙතොත් ඒවා ලබාගෙන ඔවුන්ව ඉඩමෙන් පලවා හැරීම සිදු කරයි. බහිරව පූජාව නියමිත වේලාවට එනම් රාති‍්‍ර 8 ට පමණ ආරම්භ කළ යුතුය. බහිරව පූජාව තබන ඇදුරා සිල්වත්, ගුණවත් සුරාවෙන් තොර අයෙක් විය යුතුයි. සියලූම පූජාවන් ගෘහ මූලිකයා අතින් තැබිය යුතුයි. මෙහිදී අෂ්ඨ බහිරවයන්ට අට දිශාවේ බිම නෙලූම් කොළ අතුරා පූජාව තැබිය යුතුයි. එසේම හෑරූ වලේද නෙලූම්කො ළ මත පූජාව පාතාල බහිරවයා වෙනුවෙන් තැබිය යුතු අතර, සාදා ගත්අ ට්ටාලය මත නෙලූම් කොළයක පූජාව ආතාල බහිරවයාට තැබිය යුතුයි. ඉන්පසු ඇදුරා පිරිසිදු වී, තුණුරුවන්ස රණ ගොස්, පංච සීලයේ පිහිටා පූජාව ආරම්භ කළ යුතුයි. පූජාව පළමුව ගම්බාර දෙවියන්ට කැප කරනු ලබයි. 

බහිරව පූජාව සඳහා භාවිත කරන දේව ස්තෝත‍්‍ර, බහිරවයන් දසදෙනාට ආරාධනා කරන කවි ශ්ලෝක, බහිරවයන් ආපසු යවන මන්ත‍්‍ර, කන්නලව්, දිෂ්ඨි මන්ත‍්‍ර ආදිය ඇදුරා විසින් විවිධ අවස්ථා වලදී කියනු ලබයි. බහිරව පූජාවෙන් අනතුරුව ගෙන්වා ගත් බහිරවයන් ආපසු ඉඩමෙන් යැවීම සිදු කරයි. ඊට පසු කිසිදු අමනුෂ්‍ය බලවේගයකට එම භූමියට ඇතුල් විය නොහැකි ආකාරයට එම භූමිය ආරක්‍ෂා කරනු ලබයි. නිවැරදි බහිරව පූජාවක් සිදු කිරීම තුළින් ඇස්වහ, කටවහ, හදි හූනියම්ආ දියෙන් ආරක්‍ෂාව ලැබෙනවා මෙන්ම නිවස සෑදීමට පිටතින් ඉඩමට ගෙන එන කලූගල්, වැලි, පස්, ගඩොල් සමඟ පැමිණෙන අමනුෂ්‍ය බලවේග ද ඉඩමට ඇතුළු වීම වලකාලයි. 
ජ්‍යොතිෂය ජ්‍යොතිෂවේදිනී,
දේශබන්දු මංජුලා
පුෂ්පරාංගනී
පල්ලෙබැද්ද,
ජ්‍යොතිෂ් භාෂ්කර
(ඉන්දියා IFASSC)
(ඉන්දියා MIF (ඉන්දියා)
AIAAA (ඉන්දියා)
0779282653
Latest

නිවැරැදිව බහිරව පූජාවක් තබන අයුරු පුරාණයේ මෙන්ම වර්තමානයේද නිවසක් තැනීමට පෙර එම ඉඩමේ වස් දොස් ඉවත් කර ආරක්‍ෂා කිරීම සිරිතයි. අපගේ පියවි...